මගේ නොවන මගේ සබඳ ඔබ සිතේ මා ගැන ඇත්තේ කෙබඳු හැඟීමක් දැයි මා නොදනිමි. ඔබ මට මෙවැන්නක් කීවේ ඇයි දැයි මා තවම නොදනිමි. ඔබ කවුරුන්දැයි කියා ද මම නොදනිමි. මා ඒ ගැන සොයන්නේද නැත්තෙමි. මන්ද යත් සෙවිවා කියා ස්තුතියි කියා සිනාසෙනවා හැරුනු විට වෙනත් දීමට යමක්ද මා සතුව නැති නිසාවෙනි. ඔබ කවි කියා සැනෙන් සැඟවෙන්නේ ඇයි දැයි කියා මම නොඅසමි. මන්දයත් එයට ඉතා බරපතල හේතුවක් අත්තා විය යුතු යයි මට හඟී යන නිසාවෙනි.
සබඳ, ඔබ දන්නා මම නොදන්නා ඔබ වෙනුවෙන් ඔබ මට ඇමිනූ අකුරු මෙසේ නැවත ලියමි.........
ඔබේ හඬ හඳුනයි,
ඒත් ඒ ඔබමදැයි සැකයි..
ඔබව නොහඳුනනයි,
ඔබේ සිත හොඳින් හඳුනයි...
අද නිහඬ කලුවරයි,
භාගයයි සඳ භාලයයි,
එළිය එයි අැතුලට නොඑයි,
සුළඟ එයි සීතලයි,
කවුලුව වහන්න කමිමැලියි,
හිතට හරිම තෙහෙටිටුයි,
ඔබ නැති නිසාදෝ සැකයි..!