Tuesday, October 29, 2013

තනි+කඩ

පෙනහලු පිරෙන හුස්මක් හුස්මක් ගානේ
තනිකම හිතේ පිරෙනව බින්දුව ගානේ
සිතිවිලි කැලති කැලතී උතුරන ‍වේලේ
පෙනෙන මානයේ ඔබ මගෙ ළඟ නෑනේ....


මෝසමි සුළඟ විත් පිසිනා විට නළල
හිරිකඩ අැවිත් ගැටෙනා විට මත දෙතොල
මනරමි අතීතය විත් අකුණක් විලස
පාරයි සුව වෙමින් පැවතුනු හද කැලල....

Monday, October 28, 2013

සදාතනික ‍පෙම

යොමා ජව දෑතම බදා
තදින් අැද දුනුසර නවා
අසුරැ සැනෙකින් විදිනි හී සර
මලවි මල් දුනු නැමිමෙනා

සරා දස අත වී විඩා
දැනිනි දෙපතුල් දැවෙනවා
වැදුනි දුනු හද පසා කරෙගන
ඔබේ ළඟ හිත නැවතුනා

යලි යලිත් හඳ පෑයුවා
ඔය හදේ රිද්මය අසා
සෙනෙහසේ මහ විභව ළිඳ තුල
තව තවත් හිත කිමිදුනා