Sunday, October 5, 2014

හී විදි සිහබා මෙන්
සිංහයා මරමින්
හැරදා චුති විමන්
එන්නෙ කොහොමද මං

ඔබ පෙරයී ‍‍‍‍ලෙසින්
දුරයි අපි දැන්
තනිකම හුරුයි දැන්
මා සිත මියැදුනෙන්

ඔබ හා ඈදි ‍ගෙන දෑස් අනන්තයට නාභිගත කල කලක් විය.
අද එතැනම ඈදිගත් මා දෑස අනන්තයට නාභිගත කරන්නට වෑයමි කරමි.
එහෙත් අක්ෂි සිවියට ඉදිරියෙන් පිරී ඉතිරී කොපුල කිති කවම්න් දෙතොල තෙමනා පින්නක් මල හිරු ගේ ඡායාව බොද කරලයි...
සමාජයට බරක් නොවූ අප ගැන මා සතුටු වෙමි.

Friday, March 14, 2014

උසයි ඈ සිත්කලුයි
සිහින් වන නෙත් දිගුයි
සිනා සයුරක් ම‍වයි
ර ෑමි ඔබ හරි අගෙයි...!!!

Thursday, November 28, 2013

මකා ලිවීම...

අහස් කුස ඉරාගෙන මහ වැස්ස වහිනවා
නෙත් කෙවෙනි වාන් දා කොපුල් මත ගලනවා...
හද මඬල ඉරිතලා වේදනා ගෙනෙනවා
සිත ඉදිරියේ ගතම ඉකි ගසා හඬනවා...
ජනෙල් කවුලුව තුලින් සිසිල් පිණි ඉහෙනවා
සුළඟ හෙමි හෙමින් විත් සියොලඟෙහි එතෙනවා...
‍දෙනෝදාහක් අතරෙ තනි කමක් දැනෙනවා
අතීතය යළිඳු ම‍ට ලියන්නට හිතෙනවා...


අසාමාන්‍ය

ගතින් විඳිනවාට වඩා සිතින් විඳීම යෙහෙකැයි සිතමි...
සිතින් එපිට ලෝකයම හැල්මේ දුවත්.
පසෙකට වී විඩාබර නෙත තවත් නවතින්නෙකු වේදැයි සොයයි.
පේන මානයක එවැනි දසුනක සේයා මාත්රයක් වුව නැත.ඒ කියන්නේ,
සියල්ල සාමාන්‍යයද, මා අසාමාන්‍යයද?


ලෝකය ගෝලාකාර වන්නේ භෞතිකව පමණි...

Friday, November 8, 2013

මම නොදත් ඔබ...

මගේ නොවන මගේ සබඳ ඔබ සිතේ මා ගැන ඇත්තේ කෙබඳු හැඟීමක් දැයි මා නොදනිමි. ඔබ මට මෙවැන්නක් කීවේ ඇයි දැයි මා තවම නොදනිමි. ඔබ කවුරුන්දැයි කියා ද මම නොදනිමි. මා ඒ ගැන සොයන්නේද නැත්තෙමි. මන්ද යත් සෙවිවා කියා ස්තුතියි කියා සිනාසෙනවා හැරුනු විට වෙනත් දීම‍‍ට යමක්ද මා සතුව නැති නිසාවෙනි. ඔබ කවි කියා සැනෙන් සැඟවෙන්නේ ඇයි දැයි කියා මම නොඅසමි. මන්දයත් එයට ඉතා බරපතල හේතුවක් අත්තා විය යුතු යයි ම‍ට හඟී යන නිසාවෙනි.

සබඳ, ඔබ දන්නා මම නොදන්නා ඔබ වෙනුවෙන් ඔබ මට ඇමිනූ අකුරු මෙසේ නැවත ලියමි.........



ඔබේ හඬ හඳුනයි,
ඒත් ඒ ඔබමදැයි සැකයි..
ඔබව නොහඳුනනයි,
ඔබේ සිත හොඳින් හඳුනයි...
අද නිහඬ කලුවරයි,
භාගයයි සඳ භාලයයි,
එළිය එයි අැතුලට ‍නොඑයි,
සුළඟ එයි සීතලයි,
කවුලුව වහන්න කමිමැලියි,
හිතට හරිම තෙහෙටිටුයි,
ඔබ නැති නිසා‍දෝ සැකයි..!


දස්කොන්

සරදමි ලබා දිවියෙන්
තනිව ඔබ සිටියෙන්
කාසියක දෙපස මෙන්
මාද ඔබ යැයි සිතූයෙමි මං...

හද මඩල ගෙන දෝතින්
ගලන නදියෙහි තබමින්
උඩුගමි බලා යාවියි ඉතින්
පැතූයෙමි නොඉදුල් සිතින්...

විනිවිද පෙනෙන ජලයෙන්
මා දෙස බැලූයෙමි එබෙමින්
පෙනුනු ප්රතිබ්ම්බයෙන්
අඩක් ඔබගෙයි, ඉතිරිය මගෙන්...

ලද නොහැක සඳ අහසින්
දැන දැනත් හොඳ හැටියෙන්
කුමට මගෙ කවිකමින්,
නොලියුවොත් කවි නුඹ නමින්...

ඔබ හා මා අතර වන්

පවුරෙහි හැපී වැටෙමින්

දහස් ගනණක් සියොතුන්
මියෙන බව නොපෙනේද දස්කොන්..??