යොමා ජව දෑතම බදා
තදින් අැද දුනුසර නවා
අසුරැ සැනෙකින් විදිනි හී සර
මලවි මල් දුනු නැමිමෙනා
සරා දස අත වී විඩා
දැනිනි දෙපතුල් දැවෙනවා
වැදුනි දුනු හද පසා කරෙගන
ඔබේ ළඟ හිත නැවතුනා
යලි යලිත් හඳ පෑයුවා
ඔය හදේ රිද්මය අසා
සෙනෙහසේ මහ විභව ළිඳ තුල
තව තවත් හිත කිමිදුනා

ඔබේ ගී පද ටික බලා
ReplyDeleteමට අතීතය සිහිවුණා
කුමක් කරමිද සිතනු නොහැකිව
හදත් මදකට නැවතුණා...