Friday, November 8, 2013

දස්කොන්

සරදමි ලබා දිවියෙන්
තනිව ඔබ සිටියෙන්
කාසියක දෙපස මෙන්
මාද ඔබ යැයි සිතූයෙමි මං...

හද මඩල ගෙන දෝතින්
ගලන නදියෙහි තබමින්
උඩුගමි බලා යාවියි ඉතින්
පැතූයෙමි නොඉදුල් සිතින්...

විනිවිද පෙනෙන ජලයෙන්
මා දෙස බැලූයෙමි එබෙමින්
පෙනුනු ප්රතිබ්ම්බයෙන්
අඩක් ඔබගෙයි, ඉතිරිය මගෙන්...

ලද නොහැක සඳ අහසින්
දැන දැනත් හොඳ හැටියෙන්
කුමට මගෙ කවිකමින්,
නොලියුවොත් කවි නුඹ නමින්...

ඔබ හා මා අතර වන්

පවුරෙහි හැපී වැටෙමින්

දහස් ගනණක් සියොතුන්
මියෙන බව නොපෙනේද දස්කොන්..??

2 comments:

  1. දයාබර ප්‍රමිලා,

    නුඹේ ඔය රූපයෙන්
    නෙතඟින් හෙලන බැල්මෙන්
    වශී කරනා වදනින්
    බලන් දස්කොන් දැවෙයි ආයෙත්...

    දෙනෙත් හැර බලාපන්
    සෙනෙහේ හදින් හැරපන්
    ඉතින් සමු දිපන්
    අහිමි දස්කොන් යළිත් නොපතන්...

    ReplyDelete
    Replies
    1. අඳ නැති නෙත‍ට ඔහු පමණකි පෙනෙනේ
      ගොලු නැති මුවින් ඒ නමමයි කියන්නේ
      දුබල හදම ඒ හදමයි පතන්නේ
      මොන අයුරකින් දෝ මේ හිත හදන්නේ...

      Delete